ඩොලර් මිලියන අටක වන්දියක් ඉල්ලා චීන පොහොර සමාගම යොමු කළ එන්තරවාසිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු අදාළ ආයතනවල උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය පවසනවා.
එහි අතිරේක අධ්යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ සිය ආයතනය නිවැරදි ලෙස කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවනු ඇති බවයි. ජාතික ශාක නිරෝධායන සේවය මගින් වසරකදී භාණ්ඩ තොග දහස් ගණනක් පරීක්ෂාවට ලක් කරන ආයතනයක් බව ද ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි වැඩදුරතේ පෙන්වා දුන්නා.
විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල උල්ලංඝණය කරමින් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම සහ සාවද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල පිළිබද වැරදි ප්‍රචාරයන් සිදුකිරීම යන චෝදනා යටතේ මතභේදයට තුඩුදී ඇති චීන පොහොර සමාගම විසින් එම එන්තරවාසිය යොමු කර තිබුණා.
එම ප්‍රචාරයන් හේතුවෙන් තමන්ට අලාභයක් සිදුව ඇති බවයි චීන සමාගම පෙන්වාදී ඇත්තේ. සිය හිපෝ ස්ප්රිට් නෞකාවේ අඩංගු කාබනික පොහොරවල අර්වීනියා හානිකර බැක්ටීරියාව අඩංගු නොමැති බව ද චීන සමාගම එම එන්නතරවාසියෙන් ප්‍රකාශ කර ඇති බව සදහන්.