දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක කමිටුව අද රැස්වනවා. ඒ, සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් අද දිනයේ විසදුම් ලබා නොදුනහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 30 වනදා පස්වරු 04යි 30 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ රාජකාරීවලින් ඉවත් වීමෙන්.
කෙසේවෙතත් එදින රාත්‍රී 10ට එම සංකේත වැඩවර්ජනය නතර කිරීමට එම සංගමය පියවර ගත්තා.