අප්‍රිකානු කලාපයට අයත් නයිජර් රාජ්‍යයේ පාසැලක හටගත් ගින්නකින් ළමුන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගොස් ඇති ළමුන් සියලු දෙනා වයස අවරුදු 05 ත් 06 ත් අතර පසුවූවන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
සිසුන් අධ්‍යාපනය ලබමින් සිටි පන්ති කාමර පෙළෙක ගින්න හටගෙන තිබෙනවා. එම පන්ති කාමර පෙළ, ගස්වල අතු සහ කොටන් ආධාරක වශයෙන් රඳවා අතු වර්ග සෙවිලි කර ඉදිකර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ගින්න ව්‍යාප්තවීමත් සමග තවත් දරුවන් රැසක් පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබෙනවා. තුවාල ලැබූ දරුවන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
එම සිද්ධියත් සමග පාසලේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පාසලේ ස්ථිර ගොඩනැගිලි තිබුණද දරුවන් රැසක් සිටිම හා අඩු පහසුකම් හේතුවෙන් තාවකාලිකව ඉදිකළ පන්ති කාමරවල දරුවන් රැසක් ඉගෙනුම ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. නයිජර් රාජ්‍යය සැලකෙන්නේ අප්‍රිකානු කලාපයේ දිළිඳුතම රටක් ලෙසයි.