පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංඟා, ජලාශ සහ වැව් රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
ජලාශ 10 ක වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
රාජාංගනය, දැදුරු ඔය, ලක්ෂපාන, කුකුළේ ගඟ, තබ්බෝව, පොල්ගොල්ල, කොත්මලේ, වික්ටෝරියා සහ අංගමුව යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
නෝර්ටන් බි්රජ් ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති අතර තුරුවිල ජලාශය ද වාන් දමමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ අනුරාධපුර, පුත්තලම සහ වව්නියාව දිස්ත්‍රික්කයේ වැව් රැසක් වාන් දමමින් පවතින බවයි.
මේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය සහ මහවිලච්චිය ප්‍රදේශ, රාජාංගනය පහත් බිම් ප්‍රදේශ සහ කලාඔයේ පහත්බිම් ප්‍රදේශ දැඩි ගංවතුර අවදානමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවා.
කළු, ගිං, නිල්වලා යන ගංඟාවල ස්ථාන කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. මහ ඔය සහ අත්තනගලු ඔය පහළ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සැලකයි යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගිෂ්වර.
පැවැති අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්තගෙන්.
මේ අතර අද දිනයේදී උතුරු, වයඹ, බස්නාහිර හා සබරගමුව පළාත් වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
මාතලේ, පෙලොන්නරු, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශිරෝමනී ජයවර්ධන.
මේ අතර අද උදෑසන 08 යි 30 න් අවසන් වූ පැය 24 තුළ මිලි මීටර් 300 යි දශම 4 ක වැඩිම වර්ෂාපතනය නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශිරෝමනී ජයවර්ධන කරුණු දැක්වුවා.