හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් ක්ෂේත්‍ර 16 ක සෞඛ්‍ය වෘත්තිකයින් අද උදෑසන 08 සිට වැඩවර්ජනයක නිරත වනවා.
මේ හේතුවෙන් ඖෂධ ලබාදීම, එක්ස් රේ පරීක්ෂණ, රුධිර පරීක්ෂණ ඇතුළු රෝහල්වල දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ වැටුප් විෂමතා, උසස්වීම් ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර එළඹෙන අයවැයෙන් සියලු සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෘත්තීය සමිති රැසක් අද දිනය පුරා විරෝධතා හා උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති චන්දන සූරියආරච්චි.