නැවත දැනුම්දෙනතුරු නිරතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, අද පස්වරුවේ රතු නිවේදනයක් නිකුත් කරමින්.
ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළගා වෙතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සමඟ පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ රතු නිවේදනයේ දැක්වෙන්නේ. දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ.