Friday, November 1, 2024

General line - 0115112241

මුතුරාජවෙල ගැසට් නිවේදනයේ සංශෝධනයකට රජයෙන් තීරණයක්




මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා. 

එම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රදානත්වයෙන් අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුලු පිරිසක් එම සාකච්ඡාවට එක්ව ඇති බවයි වාර්තා වුණේ. 

වත්තල, ජාඇළ, කටාන, මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි ජනතාවට බාධාවක් නොවන පරිදි මහුතුරාජවෙල රක්සිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙයසි ජනාධිපතචිවරයා උපදෙස් ලබාදී ඇත්තේ. 

එබැවින් අදාළ ප්‍රදේශවල ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා වැඩිදුරටත් සඳහන් කළා.