Friday, November 1, 2024

General line - 0115112241

පොලිස් මාරු දෙන හොරා පොලිස් සෙල්ලමක් නෙත් නිවුස් වෙත හෙළි වෙයි (PHOTOS)




තමන් කැමති පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවීම් ලබාදෙන බව පවසමින් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වෙත වාර්තා වුණා. පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නොමැති සම්පත් ජයකොඩි නමැති එම පුද්ගලයා විධිමත් පටිපාටියෙන් බැහැරව ස්ථාන මාරුවක් සකස් කරදීම සඳහා මුදල් ඉල්ලා සිටින ආකාරයයි මේ.

මෙම පුද්ගලයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම අවභාවිත කරමින් විවිධ ප්‍රදේශවල පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබාගන්නා බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. ඔහු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම අවභාවිත කරමින් මුදල් ඉල්ලා සිටින ආකාරයේ හඬ පටයක්ද අප සතුයි.

සම්පත් ජයකොඩි නමැති මෙම පුද්ගලයා මහජන ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ අයෙකු බවටද මෙවැනි ගණුදෙනුවලදී ප්‍රකාශ කරන ආකාරයද මෙම හඩපටවලින් පැහැදිලි වනවා.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත‘ කාර්යාලයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී එම කාර්යාලය සඳහන් කළේ සම්පත් ජයකොඩි නමැති එම පුද්ගලයා සිය කාර්යාලයට හෝ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.