අධික වැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් හානි සිදුවූ නිවාස සදහා වන්දි ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් සදහා වන්දි මුදල් ලබාදීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ.
ආපදා හේතුවෙන් පවුල් 63,317 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 22,590 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඉන් පවුල් 3,744 ක් ආරක්ෂක ස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. නිවාස 23 ක් පූර්ණ වශයෙන් හානි වූ අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 1,253 ක්.
මේ වනවිට ආපපදා මරණ 25 ක් වාර්තා වී තිබෙනවා. සහන මධස්ථානවල රදවා සිටින ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් ලබාදී ඇති බවයි ආපදා කළමණකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සදහන් කළේ.
මේ අතර දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර ගංගා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑ සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් පහව යමින් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.