දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මල නාදන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඉකුත් 8 වනදා සිදුකළ පී සී ආර් පරීක්ෂණයකදීයි මන්ත්‍රීවරයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත්තේ.
ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
මේ අතර හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලය දින තුනකට වසා දමා තිබෙනවා. ඒ, එම විදුහලේ විදුහල්පතිවරයාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීම හේතුවෙන්. බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර් එම් ආරියදාස පැවසුවේ විදුහල්පතිවරයාට සමීපතම ආශ්‍රිතයින් වන ගුරුවරුන් දොළොස් දෙනෙකු ස්වයං නිරෝධායනය ලක් කිරීමට කටයුතු කර ඇති බවයි. කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 313 දෙනෙකු ඉගෙනුම ලබනවා.
මේ අතර හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඉලුක්පැලැස්ස විද්‍යාලයට අද දිනයේ එක් සිසුවෙකු හෝ පැමිණ නැහැ. එම පාසලේ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් අනෙකුත් සිසුන් කිසිවෙකුත් මව්පියන් විසින් පාසලට එවා නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ. ඉලුක්පැලැස්ස විද්‍යාලයේ සිසුන් විසිතුන් දෙනකු ඉගෙනුම ලබනවා.
මේ අතර ජනතාව නිසි ලෙස සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකළහොත් යළිත් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.