Friday, November 1, 2024

General line - 0115112241

පහළ කඩුගන්නාව මාර්ගය සැහැල්ලු රථ වාහන සදහා පමණක් විවෘත කෙරේ




මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් ඊයේ රාත්‍රි 10 සිට වසා දැමුණු පහල කඩුගන්නාව මාර්ගය පස්වරු එකෙන් පසු විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා අවසර හිමිවන්නේ සැහැල්ලු රථ වාහනවලට පමණක් බවයි කෑගල්ල දිස්ත්‍රික්ක ලේකම් මහින්ද එච් වීරසූරිය සදහන් කළේ.

බරවාහන සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

වර්ෂාවත් සමග යළි අවදානමක් මතුවුවහොත් මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.