ප්‍රදේශ කිහිපයකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොගවලද සීග්‍ර අඩුවක් දක්නට ලැබෙනවා.
අද දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග ලැබීම සියයට 90 කටත් වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කළ බවයි ආර්ථික මධ්‍යස්ථාන කළමණාකාරිත්වය සදහන් කළේ.
අද අලුයම හතරේ සිට දහවල් දක්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පාලු ස්වභාවයක් ගෙන තිබුණා. මේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථනයේ කළමණාකරු ක්‍රිස්ටි විජේරත්න.
එළවළු මිල ගණන්ද ඉහල ගොස් ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති යූ බී ඒකනායක පැවසුවේ.