Friday, November 1, 2024

General line - 0115112241

අන්තරේ කැදවුම්කරු ඇතුළු 5 දෙනාට ඇප




රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සැකකරුවන් හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. එහිදී හෝමගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් නිදහස් කරන ලෙසයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකළ කිරීමේ චෝදනාව යටතේ සැකකරුවන් දින 102ක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.