Friday, November 1, 2024

General line - 0115112241

පහළ කඩුගන්නාව මාර්ගය යළි සම්පූර්ණයෙන් වසා දමයි




නායයෑමේ අවදානමක් යළි මතුවීම හේතුවෙන් පහල කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය නැවත දැනම් දෙන තුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය අද තීරණය කළා. 

එම මාර්ගයේ එක් මන්තීරුවක් අද දහවල් විවෘත කෙරුණු අතර ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් යළිත් එම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමටයි තීරණය කෙරුණේ. 

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මෙන්ම භූ විද්‍යා සමීක්‍ෂණ නිලධාරීන් එක්ව කළ නිරීක්‍ෂණයකින් අනතුරුව එම මාර්ගය වසා දැමීමට තීරණය කළ බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එච් වීරසූරිය සදහන් කළේ. 

ඉකුත් දින කිහිපයේදී ඇදහැලුණු වැසි හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළදසැල් පිහිටි ප්‍රදේශයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් නායයෑමේ අවදානමක් මතු වුණා. 

පවතින තත්ත්වය හමුවේ විකල්ප මාර්ග බාවිත කරන ලෙයසි පොලීසිය ජනතාවට දැනම්දෙන්නේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව.

මේ අතර බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල සහ කලුතර ඇතුලු දිස්ත්‍රික්ක 11 කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

මේ අතර ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කළාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 300 ක් පමණ උතුරු දෙසින් පවතිනවා. 

එය මේ වන විට උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවනු ඇති බවයි කාර්්‍යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පැවසුවේ.