සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට අපේ ජනබල පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේරතන හිමියන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
ඒ, තමා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙ කටයුතු කරන බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. තමන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රය සහ එය විමර්ශනය කල විනය කමිටුවේ නිර්දේශ බලරහිත කරන ලෙස මෙම පෙත්සම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමි ඉල්ලා තිබෙනවා.
ඉකුත් ඔක්තෝබර් මස 14 දා සිට තමා අපේ ජනබල පක්ෂයෙන් තමන් ඉවත් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව මගින් තමන්ට ඔක්තෝබර් මස 15 දා දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන් බවයි උන්වහන්සේ ඉන් දක්වා ඇත්තේ.
අපේ ජනබල පක්ෂයේ මහලේකම්, සභාපති, පාර්ලිමේන්තු මහලේකම්, මැතිවරණ කොමිසමේ සභාපති, එම කොමිසමේ සාමාජිකයන් ඇතුළු එකොළොස් දෙනකු මෙහි වගඋත්තර කරුවන් ලෙසට නම් කර තිබෙනවා.
තමා පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික නීතිවිරෝධී , පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි තීරණයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.