Friday, November 1, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කෙරෙන පනත සම්මත වෙයි




සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ක් දක්වා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කෙරුනු සේවකයින් විශ්‍රාම යාම අවම වයස පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. 

එම විවාදය ආරම්භ කරමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදහස් දැක්වූයේ මෙලෙසයි.

විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස වැඩි කිරීම තුළ අවාසිදායක කරුණු ද පවතින බවයි.

සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වැඩි කිරීමේ යෝජනාව පිටුපස ආණ්ඩුවේ යටි අරමුණු ද පවතින බව විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දුන්නා.