උපේක්ෂා ස්වර්ණමාලි නිළියක ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නිසාත් ජනප්‍රිය වුණ, සමාජයේ කතාබහට ලක්වුණ චරිතයක්.
කොහොම වුණත් උපේක්ෂා මේ දිනවල නම් පුංචි තිරයේ වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ.
ඒකට සුවිශේෂි හේතුවෙක් තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
මේ දිනවල ඇය මව් පදවිය ලබන්න දින ගනිමින් ඉන්නවයි කියලා තමයි ඇය කියන්නේ.කෙසේ වෙතත් මව් පදිවිය ලබන්න ඇයට තවත් මාස පහක් විතර බලන් ඉන්න වෙනවා කියලත් උපේක්ෂා කියනවා.
දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් කමක් නැහැ කියලයි උපේක්ෂා කියන්නේ. ඇයගේ එකම බලපොරොත්තුව නීරෝගි දරුවෙක්ලු.
ඇයව සම්පූර්ණ ගැහැනියක් කළාට ඈ ඇගේ සැමියාට ස්තූතිවන්ත වෙනවා කියලත් කියනවා.
ඇගේ සැමියා නම් දුවකුට ආසාවෙන් සිටින බවයි උපේක්ෂා පවසන්නේ.
කොහොම වුණත් දැන් අනෙක් කිසිම දෙයකට වඩා ඇයට පවුල වටිනවයි කියලයි උපේක්ෂා කියන්නේ.