Monday, May 6, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ වෙළදසැල් 480ක හිමිකරුවන්ට පොලීසිය අවවාද




සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බස්නාහිර පළාතේ වෙළදසැල් 480ක හිමිකරුවන්ට පොලීසිය අවවාද කර තිබෙනවා. 

බස්නාහිර පළාත තුළ ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදින්නේ ද යන්න පරීක්‍ෂා කිරීම සදහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ඊයේ දහවල් සිදුකළ මෙහෙයුමකදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බස්රථ 311 කට සහ වායු සමනය කළ බස් රථ 49 ක රියදුරන්ට පොලීසිය අවවාද කර තිබෙනවා.

 ඊයේ දිනයේදී බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස් රථ 895 ක් සහ වායු සමනය කළ බස් රථ 180 ක් මෙන්ම සිල්ලර වෙළදසැල් සහ වෙනත් කුඩා වෙළදසැල් 1,232ක් පරීක්‍ෂාවට ලක් කළ බවයි පොලීසිය පැවසුවේ.  

බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම, මුඛ ආවරණ පැළදීම, වෙළදසැල්වලට ඇතුළුවිය හැකි ගණුදෙනුකරුවන් සීමා කිරිම මෙන්ම ඒ සදහා දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේද යන්න මෙහිදී පරීක්‍ෂා කර තිබෙනවා. 

බස්නාහිර පළාත තුළ ඊයේ ක්‍රියාත්මක වු මෙම මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් 476 දෙනෙකු එක් වූ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.