Monday, May 6, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පසු දිනම විනාශ කිරීම සදහා නව ක්‍රමවේදයක් 




මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පසු දිනම විනාශ කිරීම සදහා නව ක්‍රමවේදයක් මේ වනවිට සකස් කරමින් ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. 

ඒ සදහා මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සකස් කරමින් ඇති බවයි ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ. 

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් අඛණ්ඩව සිදුකිරීම හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිගයක් පවතින බව ද ඔහු සදහන් කළා.