Monday, May 6, 2024

General line - 0115112241

කොන්දොස්තරවරුන් නොමැතිව පෞද්ගලික බස් රථ ධාවනයට අවධානය




ලබන වසරේ ජනවාරි මාසයේ සිට කොන්දොස්තරවරුන් නොමැතිව පෞද්ගලික බස් රථ ධාවනයට  අවධානය යොමුව තිබෙනවා. 

පවතින ආර්ථික තත්ත්වය හමුවේ බස්රථවලින් ලබාගන්නා ආදායමෙන් සේවකයින් දෙදෙනෙකු නඩත්තු කිරීමට අපහසු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. 

ඒ අනුව මගී ජනතාවට “ඔමිනි” නමින් පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට මේ වනවිටත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත සදහන් කළේ. 

කාඩ්පත ලබා ගැනීමට අකමැති මගීන් සදහා බස් රථයේ රියදුරු අසල මුදල් දැමීමට එහි විශේෂ ස්ථානයක් සකස් කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

දැටනමත් බොහෝ බස් රථ හිමිකරුවන් කොන්දොස්තරවරුන් නොමැතිව තම බස් රථය ධාවනය කරන බවද ඔහු සදහන් කළා. 

ඉන්ධන මිල වැඩිවීම, ටයර් ඇතුළු අමතර කොටස්වල මිල ඉහළ යාම මෙන්ම බස් රථවල ගමන් කරන මගී ජනතාවගේ අඩුවක් තිබීමද මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සදහන් කළේ.