Saturday, May 4, 2024

General line - 0115112241

උතුරු එංගලන්තයේ පිපිරීමක් : පුද්ගලයෙකු ජිවිතක්ෂයට




උතුරු එංගලන්තයේ ලිවර්පූල් නගරයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මෝටර් රථයක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි. පිපිරීමෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

පිපිරීමට ලක්ව ඇත්තේ කුලී මෝටර් රථයක්. එහි ගමන් කළ මගියා එලෙස මියගොස් ඇති අතර කුලී රථයේ රියදුරා සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 21, 26 හා 29 හැවිරිදි වයස් කාණ්ඩවල පසුවන්නන්. සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට විමර්ශන ක්‍රියාත්මකයි.