Sunday, April 28, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ ගින්නකින් ලාංකිකයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට




එංගලන්තයේ, ගිනිකොනදිග ලන්ඩන් හි පිහිටි නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුඩා දරුවන් දෙදෙනා වයස අවුරුදු එකක් සහ අවුරුදු හතරක් පමණ වයසේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ගින්නෙන් මියගිය මෙම ලාංකිකයින් මිට මාස 03කට පෙර එංගලන්තය වෙත ගොස් තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ගින්නෙන් මියගිය එක් කාන්තාවක් නිවසේ ගින්න හටගත් අවස්ථාවේදී සිය ස්වාමිපුරුෂයාට දුරකථනයෙන් අමතා නිවසේ ගින්නක් හටගෙන ඇති බවට දැනුම් දී ඇති බවත් පසුව දුරකථනය විසන්ධි වූ බවද බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වුවත් ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිනි නිවීමේ නිලධාරීන් සහ පොලිසිය විසින් විමර්ශනය සිදුකරනු ලබනවා.