Sunday, May 5, 2024

General line - 0115112241

තුරඟ තරඟ පිටියේ ගින්න ගැන සොයන්න රජයේ රස පරීක්ෂක කැඳවයි




කොළඹ, කුරුදුවත්ත, රීඩ් මාවතේ පිහිටි තුරග තරඟ පිටියේ ප්‍රේක්‍ෂකාගාරයේ පහත මහලේ අද අලුයම ඇතිවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා. 

එම පිපිරීම සිදුව තිබුණේ තුරඟ තරඟ පිටියේ ප්‍රෙක්ෂකාගාරයේ පහළ මහළයේ  පවත්වාගෙන යන ආහාර සැකසුම් ස්ථානයකයි. ගෑස් කාන්දුවක් හේතුවෙන් එම පිපිරීම සිදුවන්නට ඇතැයි සැකකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවා. 

පිපිරීමත් සමඟ අදාළ ස්ථානයේ ගින්නක් හටගත් අතර කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලීසිය එක්ව එම ගින්න පාලනය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.