Thursday, May 16, 2024

General line - 0115112241

හෙට සිට වැසි යළි වැඩි වෙයි




දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.