Thursday, May 16, 2024

General line - 0115112241

කුට්ටිආරච්චිට එරෙහිව මැතිසබයේ මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් කතානායකට පැමිණිල්ලක්




පසුගිය සෙනසුරාදා අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින්. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ද ලිපියක් යොමු කරමින් කතානායකවරයාට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම සහ ඉන්ධන අර්බුදය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ අමාත්‍ය උදය ගම්මන්පල අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

මේ අතර අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 05 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.