Friday, September 20, 2024

General line - 0115112241

ගීතා හංගාගෙන ගෙනා කලු පටි මන්ත්‍රීවරු පෙන්නන හැටි (PHOTOS)



ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් අද (11) කලු පටි පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණියා.

ඒ අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට විරෝධය දැක්වීම සඳහායි.

උදය ගම්මන්පිළ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් ඒ අතර සිටි බවයි වාර්තා වුණේ.

මෙසේ කලුපටි පැළඳීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා ඇතිවී තිබෙන්නේ පසුගිය සතියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදියි.

මෙය යෝජනා කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලයි.

මෙහිදී පාර්ලිමේන්තුවට රහසින් කලුපටි ගෙන ඒමේ වගකීම භාරගෙන ඇත්තේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහයි.

ඇයගේ අත්බෑගයේ සඟවාගෙන මෙම කලුපටි පාර්ලිමේන්තු සභා ගර්බයට ගෙනා ආ බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඡායාරූප පහතින් නරඹන්න

4-14

1-25

2-19

3-16

13914029_10154385197914253_7599067124693673582_o