Friday, May 10, 2024

General line - 0115112241

පාරු අනතුරට කින්නියා නගරාධිපතිගේ වැඩ තහනම් කරන්නැයි ඉල්ලීමක්




ත්‍රීකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කලපුවක පාරුවක් පෙරළීයාමෙන් ඊයේ සිදුවූ අනතුරට වගකිව යුත්තන් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාදවිවාද ඇතිවුණා. 

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ අදාළ පාලම් පාරු සේවාව සඳහා මහාමාර්ග අමාත්‍යංශයෙන් අවසර ලබාදී නොමැති බවයි. කින්නියා නගරාධිපතිවරයා විසින් ඒ සඳහා අත්තනෝමතික ලෙස අවසර ලබාදී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා.  

මේ හේතුවෙන් කින්නියා නගරාධිපතිවරයා එම ධූරය දැරීම අත්හිටුවා වහාම විමර්ශනයක් ක්‍රියාත්මක කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා වැඩිදුරටත් සඳහන් කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමග ඔහු සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අතර උණුසුම් සංවාදයක් ඇතිවුණේ මෙලෙසයි.  

නලින් බණ්ඩාර සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් ද මෙම සංවාදයට මැදිහත් වුණා. 

ඊයේ සිදුවූ එම පාරු අනතුරින් පාසැල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු 06 දෙනෙකු මියගිය අතර අනතුරට ලක්වූ 20 දෙනෙකු රෝහල්ගත කෙරුණා.