Monday, May 6, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ලෝකයට දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානමක් - WHO අනතුරු අඟවයි




දැඩි විකෘතිතාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොවපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් ඇතැම් රටවලට ඉන් දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කර සිටිනවා.

ඇතිවිය හැකි අවදානම් සහිත තත්ත්වයට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ කමිටුව විසින් සිය සමාජික රටවල් 194 සඳහා තාක්ෂණික උපදෙස් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉහළ අවදානම් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත් ලබාදීම වේගවත් කරන  ලෙසත්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසයි.

“ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සතුව පෙර නොවූ විරූ ආකාරයේ විකෘතිතා සංඛ්‍යාවක් පෙන්නුම් කරන බවත් ඇතැම් විකෘතිතා හේතුවෙන් වසංගතයේ ගමන් පථයට ඇති විය හැකි බලපෑම ගැන දැඩි සැලකිලිල්ලක් දක්වන වන බවයි”  ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කරන්නේ. 

ඔමික්‍රොන් නව ප්‍රභේදයත් සමග සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කරන්නේ.

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග එහි හැසිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට ඉදිරියේදී අවබෝධ කර ගත හැක්කේ ඉදිරියේදී ලැබෙන දත්ත අනුව බවයි එම සංවිධානය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව විසින් නිකුත් කළ වාර්තාව මෙතැනින්