Monday, April 29, 2024

General line - 0115112241

නීතිවිරෝධීව රට සල්ලි එවන හා ගන්න අයගේ බැංකු ගිණුම් අත්හිටුවයි




නීතිවිරෝධී මුදල් සම්ප්‍රේක්‍ෂණ ක්‍රම හරහා මුදල් බෙදාහරින හා ලබාගන්නා අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබද නිල වශයෙන් දැනුම් දුන්නා.

මහබැංකු අධිපතිවරයා සියළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉපැයිම් නැවත ශ්‍රී ලංකාවට එවීමේදී නීතිමය ක්‍රියාමාර්ග පමණක් භාවිත කරන ලෙසයි.

නෙත් නිවුස් ඉකුත් සමයේ පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවල සිට මෙරටට මුදල් එවීමේ අඩුවක් ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයද පසුව එය තහවුරු කළා. එලෙස මුදල් එවීම අඩුවීම මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් කර තිබෙනවා.

එලෙස මුදල් එවීම අඩුවීමට ප්‍රධාන හේතුව වූයේ නීිතිවිරෝධි ක්‍රම ඔස්සේ මෙරටට එවන ඩොලර් සදහා මෙරට කළුකඩ වෙළදපොළේදී ඉහළ වටිනාමක් හිමිවීමයි.

මේ අතර දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවල සිට එවන එක් ඩොලරයක් සදහා රුපියල් දහයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.