Monday, April 29, 2024

General line - 0115112241

ගෑස් සිලින්ඩර් අර්බුදයට රජයෙන් අවශ්‍ය පියවර




ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසදීමට රජය මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

බියකින් තොරව ජනතාවට ගෑස් සිලින්ඩර් භාවිත කිරීමට ඉදිරියේදී අවශ්‍ය වටපිටාව සැකසීම රජයේ වගකීම බවයි රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින් සදහන් කළේ.

ගෑස් සිලින්ඩර් පුපුරායාමේ සිද්ධීන් 2015 වසරේ සිට මෙරටින් වාර්තා වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී ප්‍රකාශ කළේ.