Monday, April 29, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ඇවිත්ද ? විශේෂ වාර්තාව සති අන්තයේදී




මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්ව ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වී ඇත්ද යන්න සොයා බැලීම සඳහා ජානමය අනුක්‍රමණ විශ්ලේෂණ පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකුගේ ජෛව සාම්පල් මේ වන විටත් ජාන අනුක්‍රමණ විශ්ලේෂණය කිරීම ආරම්භ කර ඇති බවත් එහි නවතම වාර්තාව මෙම සති අන්තය වන විට නිකුත් කිරිමට හැකි වනු ඇති බවයි ආචාර්ය චන්දිම ජයසුන්දර සඳහන් කර සිටියේ.

මේ අතර ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මිට පෙර වාර්තා වූ කොවිඩ් ප්‍රභේදයන් මෙරටට පැමිණීම වළක්වා ගැනීමට නොහැකි වූ බවත්, ඔමික්‍රෝන් ප්‍රභේදය ද මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නවතාලිය නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එය ව්‍යාප්තවීම පාලනය කර ගැනිම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.