Monday, May 6, 2024

General line - 0115112241

අවුරුදු 1500 කට පෙරත් මෙරට ඇමතිවරු අල්ලස් ගෙන ඇතැයි ඉතිහාසයෙන් තොරතුරු




වසර 1500 කට ඉහත මෙරට ඉතිහාසයේ රට පාලනය කළ අමාත්‍යවරුන් පවා අල්ලස් ලබාගෙන ඇතැයි ඉතිහාසයේ සාක්ෂි ඇති බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඔහු පෙන්වා දුන්නේ එකල ද බිසෝවරුන් රාජ්‍ය පාලනයට ඇගිලි ගැසූ අවස්ථා ද ඉතිහාසයේ පැහැදිළිව දක්වා ඇති බවයි. 

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින්.

බිසෝවරු රාජ්‍ය පාලනයට ඇගිලි ගැසීම සහ අමාත්‍යවරුන් අල්ලස් ගැනීමත් සමග ප්‍රාදේශීය නායකයින් ජනතාව පෙළා දැමූ අවස්ථා ද ඉතිහාසයේ සාක්ෂි සහිතව පෙන්වා දී ඇති බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී ප්‍රකාශ කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකියි.