Sunday, April 28, 2024

General line - 0115112241

අල්කයිඩාව ඇෆ්ගනිස්තානයේදී යළි වැඩෙයි




අල්කයිඩා සංවිධානය යළිත් වරක් ඇෆ්ගනිස්තානය තුළ ක්‍රමානුකූල වර්ධනයක් අත්කර ගනිමින් සිටින බව ඇමරිකාව පවසනවා.

කලාපය භාර ඇමරිකානු හමුදා ප්‍රධානී මැරීන් ජෙනරාල් ෆ්‍රෑන්ක් මැකන්සි සදහන් කරන්නේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමත් සමග ගතවූ කාලසීමාව තුළ දී මෙම වර්ධනය නිරීක්ෂණය කළ හැකි වූ බවයි.

ඇමරිකාවට එල්ල වූ 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට වගකිය යුතු අල්කයිඩා සංවිධානය යළි මෙළෙස ඇෆ්ගනිස්තානය තුළ වර්ධනයවීම ලෝකයම අවධානය යොමු කළ යුතු ගැටලුවක් බව ද ඔහු පෙන්වා දෙනවා.

එම වර්ධනය සහ ඊට අදාළ සංඛ්‍යා පිළිබද වඩාත් නිවැරදි දත්ත සපයා ගැනීම අසීරැ වුවද මෙම ක්‍රමානුකූල වර්ධනය තහවුරැ කෙරෙන කරැණු රුසක් අනාවරණය වී ඇති බව ද ඇමරිකානු ජනරාල්වරයා පවසනවා.

විශේ‍ෂයෙන් ‍අනාරක්ෂිත දේශසීමා ඔස්සේ පැමිණෙන අල්කයිඩා සහ වෙනත් අන්තවාදී ඉස්ලාමීය සටන්කරැවන් ඇෆ්ගනිස්තානය තුළ ඒකරාශීවීමක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඇෆ්ගනිස්තානය තුළ අල්කයිඩා සංවිධානය වර්ධනය වීමට ඉ‍ඩ නොතබන බවට තලේබාන් පාලනය සහතික වී ඇතත් ඒ සම්බන්ධයෙන් එම සංවිධානය තුළද අභ්‍යන්තර මත ගැටුමක් පවතින බව සදහන්.