Saturday, July 27, 2024

General line - 0115112241

නිදහස් පක්‍ෂය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්




ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිය අනන්‍යතාව තුළ පක්‍ෂය ගොඩනැගීමේ පූර්ණ නිදහස සහ අයිතිය තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මුලස්ථානයේ පැවති කාන්තා සංවිධානයේ වැඩමුළුවට එක්වෙමින්.

කුමන විවේචන පැවතියද සම්මුතිවාදී ආණ්ඩුව සාර්ථකව ඉදිරියට යන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ.

වසර 64 ක් පුරා පැවැත්වූ සියලු සංවත්සර උත්සවයන්ට වඩා, අභිමානවවත් සහ විශිෂ්ඨ ලෙස පක්‍ෂයේ 65 වන සංවත්සර උත්සවය පවත්වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.