Sunday, April 28, 2024

General line - 0115112241

ටෝර්නේඩෝ 30කින් අමෙරිකාවට සිදුවූ හානිය : දැනට මරණ 70 ඉක්මවයි (VIDEO / PHOTOS)




අමෙරිකාවේ ප්‍රාන්ත 06කට බලපෑ හදිසි ටෝර්නේඩෝ තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 74කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ගතවු පැය කිහිපය තුල Arkansas, Illinois, Kentucky, Missouri, Mississippi සහ Tennessee යන ප්‍රාන්ත වලට බලපෑ  ටෝර්නේඩෝ 30කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් සිදුවී ඇති ජිවිත හා දේපල විනාශය අතිමහත් බවයි.

මෙම ටෝර්නේඩෝ තත්ත්වයෙන් වැඩි වශයෙන් හානි සිදුව ඇත්තේ කෙන්චුකී ප්‍රාන්තයටයි. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන Andy Beshear සඳහන් කර සිටියේ සිය ප්‍රාන්තයෙන් හරි අඩක් සොයා ගත නොහැකි තැනට පත්ව ඇති බවයි. එමෙන්ම දැනට මියගිය පුද්ගලයින් කෙන්චුකී ප්‍රාන්ත වැසියන් 70 දෙනෙකුගේ සිරුරූ සහන සේවකයින් විසින් සොයා ගෙන ඇති බවත් එය ඇතැම් විට 100 ඉක්මවා යැමට ද ඉඩ පවතින බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

කෙන්චුකී ප්‍රාන්තයේ පිහිටි සුප්‍රකට ඇමෙසෝන් සමාගමේ ගබඩා සංකීර්ණය ද සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ගොඩනැගිලි සහ දේපළ වලට සිදුව ඇති හානිය ඩොලර් බිලියන ගණනක් ඉක්මවෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.