Thursday, May 16, 2024

General line - 0115112241

ගෑස් පිපිරීමකින් පකිස්තානයේ 14 ක් මියයයි




පකිස්තානයේ කරච්චි නුවර පිහිටි ප්‍රධාන පෙළේ බැංකුවක ශාඛාවක් කඩා වැටී තිබෙනවා. 

ඒ, පිපිරීමක් හේතුවෙන්. 

විදෙස් වාර්තා පැවසුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම පිපිරීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පිරිසක් කඩා වැටුණු බැංකු පරිශ්‍රයේ සුන්බුන් අතර සිරවී සිටින බවයි පැවසෙන්නේ. 

ඔවුන් මුදා ගැනීමට සහන මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. 

පිපිරීමෙන්, බැංකුව පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවයි එරට මාධ්‍ය පැවසුවේ. 

බැංකු පරිශ්‍රය ආසන්නයේ නවතා තිබූ රථ වාහනවලද දැඩි හානි සිදුව ඇති අතර බැංකුවට අයත් ලිපි ලේඛන රැසක් ආසන්න මාර්ගය පුරා විසිරී තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.