Thursday, May 16, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි




සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එහි හදිසි ආධාර සම්බන්ධීකාරක මාටින් ග්‍රිෆිත් මේ බව සදහන් කර ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය සහයෝගීතා සංවිධානයේ රටවල් සමග පැවති සාකච්ඡාවකදීය.

මිලියන 23 ක පමණ  ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනය⁣ටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ රටේ ගුරැවරැන්ගෙන් සියයට හැත්තෑවකට වැඩිපිරිසකට  මාස තුනකට වැඩි කාලයක් වැටුප් හිමිව නොමැති බවයි.

ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ බිදවැටී ඇති බවද එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මෙහිදී පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙම තත්වය වෙනස් කිරීම සදහා සමස්ත ලෝක ප්‍රජාවගේ මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය බවයි.