Friday, May 10, 2024

General line - 0115112241

LPL අවසන් මහා තරගය තවත් නොබෝ වේලාවකින්




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තවත් නොබෝ වේලාවකින් හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. LPL කිරුළ සඳහා තරග වදින්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. 

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තිසර පෙරේරා නායකත්වය ලබාදෙන අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට භාණුක රාජපක්‍ෂ නායකත්වය ලබා දෙනවා. මෙවර තරගාවලියේ ශූරයින්ට රුපියල් කෝටි 02 ක මුදලක් සහ අනුශූරයින්ට රුපියල් කෝටියක මුදලක් පිරිනැමීමට නියමිතයි. 

මෙම තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වනවා. තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අළෙවි වී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. මෙවර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අනුග්‍රාහය දක්වන සයිකල් පිවිතුරු හදුන්කූරු සමාගමේ අළෙවි හා වෙළද ප්‍රධානි චමින්ද දිසානායක සිය කණ්ඩායම පිළිබද මෙලෙස අදහස් පළ කළා.