Friday, May 10, 2024

General line - 0115112241

විසදුමක් නැති නිසා වෛද්‍යවරුන් දැඩි තීරණයක් ගැනීමට සැරසේ




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා. වෛද්‍ය පත්වීම් සදහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීම් සිදුනොකරන ලෙස ඉල්ලමින් එම වර්ජනය ක්‍රියාත්මක වන්නේ 3 වන දිනටයි. 

එම ඉල්ලීම්වලට සෞඛ්‍ය බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් හෙට දිනයේ සිය මධ්‍යම කාරක සභාව රැස්වී දැඩි තීරණයක් ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත්වන  බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න.