Monday, April 29, 2024

General line - 0115112241

එළවළු වෙනුවෙන් යළි ගෙවතු වගා ඇරඹීමේ තීරණයක්




මෙරට ආහාර සංචිත සම්බන්ධයෙන් මේ වනවිට පුරෝකථන සිදුකරමින් ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසනවා. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු කියාසිටියේ වී වගාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවයි. 

කෙසේවෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ වගා බිම්වල තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේදී අපේක්‍ෂිත අස්වැන්න ලැබේ දැයි ගැටළුවක් පවතින බවයි.

කෙසේවෙතත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ එළවළු අස්වැන්න වැඩි දියුණු කිරීම සදහා යළි ගෙවතු වගා සංකල්පය ප්‍රවර්ධනයට සූදානමක් ඇති බවයි.

මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර  ද පවසන්නේ ලබන වසරේදී ආහාර හිගයක අවදානමක් ඇති බවයි.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ එළවළු සදහා අවශ්‍ය පොහොර ලබන මාසයේදී මෙරටට ලැබෙන බවයි.

මේ අතර මහ කන්නයේ වගා කළයුතු කුඹුරු ප්‍රමාණයෙන් සියයට 90 ත් 95 ත් අතර ප්‍රමාණයක් මෙවර වගා කර ඇති නමුත් ඉකුත් මහ කන්නයට සාපේක්‍ෂව මෙවර ලබාගත හැක්කේ සියයට 70 ත් 75 ත් අතර අස්වැන්නක් බවයි කෘෂිකර්ම බලධාරීන් ඊයේ පැවසුවේ.