Monday, April 29, 2024

General line - 0115112241

ඉදිරියේදී පලතුරු හිඟයක් ඇති වීමේ අවදානමක්




ඉදිරියේදී පළතුරු හිගයක්ද ඇතිවීමේ අවදානමක් ඇතැයි පළතුරු ගොවීන් පවසනවා. නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සිදුකළ ක්‍ෂේත්‍ර චාරිකාවකදි ගොවීන් පැවසුවේ පොහොර හිගය හේතුවෙන් අපනයනය කිරීමට තරම් ගුණාත්මකභාවයෙන් යුත් පළතුරු ද නෙළාගත නොහැකි බවයි.

මේ අතර පොරොන්දු වූ පරිදි නිසි කලට පොහොර නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි අනුරාධපුර බඩඉරිගු ගොවීන් පවසනවා. කැකිරාව, ශ්‍රාස්ත්‍රවිල්ලිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් බඩඉරිගු වගාවන් සිදුකරන ගොවීන් පැවසුවේ වගා ආරම්භ කර දින 15 න් වගාවට යෙදීමට පොහොර දෙන බවට මුදල් එකතු කළද දින 45 ක් ගත වී ඇතත් පොහොර මෙන්ම මුදල්ද තමන්ට අහිමි වී ඇති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළා. 

නෙත් නිවුස් - ඔබ වෙනුවෙන් - දිවි හිමියෙන්