Monday, April 29, 2024

General line - 0115112241

ග්‍රේගරි වැවේ ජලය හිස් කිරීම ගැන නුවරඑළියය නගරාධිපති කතා කරයි




සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන කාලසීමාවක නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් බෝට්ටු සේවා සපයන්නන් පත්ව ඇති දැඩි දුෂ්කරතාවය පිළිබද නෙත් නිවුස් ඊයේ දිනයේ පළමු වරට හෙළි කළා. 

ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමය චෝදනා කරන්නේ නත්තල් සමයත් සමග දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ග්‍රෙගරි වැව පිරී ඉතිරී ගොස් ඇතත් තම ජීවිකාව කර ගෙන යාමට නොහැකි වී ඇති බවයි.

මෙවන් කාලවකවානුවක හදිසියේ මෙවැනි තීරණයක් ගත්තේ මන්දැයි නෙත් නිවුස් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්නගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ සිය ජීවිකාව අහිමි වී ගොස් ඇති බෝට්ටු සේවා පවත්වාගෙන යන 132 දෙනාගෙන් දස දෙනෙකුට පමණක් බවයි. 

ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරීම සදහා නුවරඑළිය මහනගර සභාව කටයුතු කර තිබුණේ ඉකුත් බදාදා දිනයේයි.