Monday, April 29, 2024

General line - 0115112241

පන්නල ගොවිපලක ගෑස් කාන්දුවක් - කුකුළන් 3,000 ක් මරුට




පන්නල, එළිබිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපොලක අද සිදුවූ ගින්නකින් කුකුළු පැටවුන් 3,000 ක් පමණ මියගොස් තිබෙනවා. ඒ, පෞද්ගලික කුකුළු ගොවිපොලකයි. පොලීසිය පැවසුවේ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. 

උෂ්ණත්වය ලබාදීම සදහා කුකුළු පැටවුන් රඳවා සිටි ගොඩනැගිල්ලක තිබූ කිලෝග්‍රෑම් 37 යි දශම පහක ගෑස් සිලින්ඩරයක මෙම කාන්දුව හටගෙන තිබෙනවා. ඒ සමග හටගත් ගින්නෙන් මෙම කුකුළු පැටවුන් පිළිස්සී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මීට පෙරද ඉකුත් 11 වනදා දිවුලපිටිය වරාගල ප්‍රදේශයේ පෞද්ගලික කුකුළු ගොවිපොලක හටගත් ගින්නකින්ද කුකුළන් විශාල ප්‍රමාණයක් මිය ගියා.