Monday, April 29, 2024

General line - 0115112241

ඔමික්‍රොන් වැළදුනත් රෝහල්ගතවීම සියයට 70කින් පහළට




ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයින් රෝහල් ගතවීමේ සම්භාවිතාව මීට පෙර පැවති ප්‍රභේද ආසාදිතයින්ට සාපේක්‍ෂව සියයට 50 ත් 70 ත් අතර ප්‍රතිශතයකින් අඩු බව නවතම පරීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා. 

කෙසේවෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රබලත්වය සම්බන්ධයෙන් පුරෝකථන කිරීමට තවත් කල් අවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ. 

මේ අතර බූස්ටර් මාත්‍රාව ලබාදීම සති 10කට පසු ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්‍ෂාවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේවෙතත් දරුණු රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් තවදුරටත් ආරක්‍ෂාවීම අත්‍යවශ්‍ය බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.