Monday, May 6, 2024

General line - 0115112241

විශේෂ නත්තල් දින වැඩසටහන අද රාත්‍රියේදී නෙත් එෆ්එම් ඔස්සේ ඔබ වෙතට




ශ්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරන අසිරිමත්  නත්තල අද මැදියම් රැයෙන් උදා වනවා. ඒ වෙනුවෙන් මෙරට පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන්නේ පාස්කු ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානයේදීයි. මේ, අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන්.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නත්තල සමරන ලෙසයි සියළු ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටියේ.

මේ අතර අසිරිමත් නත්තල සමරමින් නෙත් එෆ් එම් රේඩියෝවද විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ අද රාත්‍රී 11.30 සිට විශේෂ නත්තල් වැඩසටහන ආරම්භ වන අතර කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ සිට මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව සජීවීව ගෙනඒමට නියමිතයි.