Monday, May 6, 2024

General line - 0115112241

අසිරිමත් නත්තල පිළිගන්න රටම සූදානම්




අද මධ්‍යම රාත්‍රියේදී උදාවන නත්තල පිලිගැනීම සඳහා ලොව පුරා කිතුනු බැතිමතුන් ඉතා ඕනෑකමින් සූදානම්ව සිටිනවා. 

ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කරමිනුයි කිතුනු බැතිමතුන් නත්තල සමරන්නේ. 

නත්තල නිමිතිකර ගනිමින් සෑම කිතුනු දේවස්ථානයකම පාහේ විශේෂ දේවමෙහෙය පැවැත්වෙනවා. 

අසිරිමත් නත්තල වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ අද රාත්‍රී 11 යි 30 සිට විශේෂ නත්තල් වැඩසටහන ආරම්භ වන අතර කැළණිය ශාන්ත තෙරේසා දේවස්ථානයේ සිට මධ්‍යම රාත්‍රි විශේෂ දේව මෙහෙය සජීවීව ප්‍රචාරය කිරීමට නියමිතයි. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.