Monday, May 6, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නිසා ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය




ඉන්දියාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වී තිබෙනවා. 

මේවනවිට එරටින් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 358 ක්. ඉකුත් පැය 24 දි පමණක් ඉන්දියාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 122 දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

මේ අතර ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තියත් සමග මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ඇඳිරි නීතිය පැනවීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. 

ඒ අනුව හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රාන්තයට රාත්‍රී 11 සිට පසුදින අලුයම 05 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. 

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට යළිත් වරක් සීමා පනවා තිබෙනවා. 

ඒ අනුව එම ප්‍රාන්තයේ පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 200 ක්. ඊට අමතරව උත්සව පැවැත්වීමේදී රජය මගින් පනවා ඇති කොරෝනා සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ. 

එසේම මුව ආවරණ නොපැළඳ පැමිණෙන පුද්ගලයින් හට භාණ්ඩ හා සේවා සැපයීමෙන් වළකින ලෙසයි උත්තර් ප්‍රදේශ් බලධාරීන් ව්‍යාපාරික ප්‍රජාවට උපදෙස් ලබාදී ඇත්තේ. කෙසේවෙතත් මෙතෙක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් කිසිඳු ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන නැහැ.