Monday, April 29, 2024

General line - 0115112241

වෙඩි වැදී මියගිය තිරුක්කෝවිල් පොලිස් නිලධාරීන් සිව්දෙනාට උසස්වීම්




තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුලදී පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරීන් සිව්දෙනා ඔවුන්ගේ ඊලග නිලයට උසස් කර තිබෙනවා. 

ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි. ඒ අනුව මියගිය පොලිස් සැරයන් අබ්දුල් කාදර් උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර තිබෙනවා. 

වෙඩි වැදීමෙන් මියගිය පොලිස් කොස්තාපල් ඒ නවීනාත් සහ පොලිස් කොස්තාපල් ටී බී කේ පී ගුණසේකර පොලිස් සැරයන් නිලයට උසස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. මියගිය පොලිස් කොස්තාපල් රියදුරු ඩී එම් ටී එච් පුෂ්පකුමාර, පොලිස් සැරයන් නිලයට උසස් කර තිබෙනවා. 

අදාළ වෙඩිතැබීම සිදුකළ පොලිස් සැරයන්වරයා ජනවාරි 06 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.