Monday, April 29, 2024

General line - 0115112241

අවම බස් ගාස්තුව රුපියල් 16 ක් වන ලකුණු - බස් ගාස්තු ගෙවන්න බදාදා සිට නව ක්‍රමයක්




අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 02 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මේවනවිට අවම බස් ගාස්තුව වන්නේ රුපියල් 14 ක්. ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන බවත්, එම ගාස්තු පිළිබඳ අනිද්දා ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ ප්‍රකාශ කර තිබුණා. 

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ගණනය කිරීම්වලදී යෝජිත අවම බස් ගාස්තුවට වඩා සුළු ප්‍රමාණයක වැඩිවීමක් සිදු කිරීමට නියමිතව තිබූ බවයි. මේ, එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න. 

මේ අතර “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්පත් ක්‍රමවේදය ලබන බදාදා මෙරට බස් මගීන්ට හඳුන්වාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම කාඩ්පත් හරහා ගෙවීම් සිදු කළ හැකි අතර බස්රථ ධාවනය වන්නේ බස්රථ රිය සහායක නොමැතිවයි. මෙම නව වැඩිපිළිවෙල සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.