Sunday, May 5, 2024

General line - 0115112241

ඉදිරි දෙවසර තුළ කඩිනම් වෙනසක් - ආණ්ඩුවේ සැලසුම් රාජ්‍ය ඇමති දිලුම් හෙළි කරයි




ඉදිරි දෙවසර තුළ කඩිනම් වෙනසක් රට තුළ ඇති කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. 

මහනුවර, අලදෙණිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එහිදී අදහස් පළ කළා.